යට ඇඳුම් 8ක ලක්ෂ 590ක රන් බිස්කට්

null

රුපියල් කෝටි 590ක් වටිනා රත්තරන් බිස්කට් 118 ක් තම යට ඇඳුම් වල සඟවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික යුවලක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් වල බර කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 800 කි.

ඔවුන් විසින් රන් බිස්කට් 118ක් ගෙනැවිත් ඇත්තේ යට ඇඳුම්වල සඟවාගෙන අතර කාන්තාවගේ යට ඇඳුම් 4කින් රන් කැබලි 48ක්ද, පිරිමියාගේ යට ඇඳුම් 4ක රන් කැබලි 70ක්ද තිබී සොයාගෙන ඇත.

අද පස්වරු 4.20ට පමණ මොවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 303 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ තිබේ.

සැකකරුවෝ වයස 35 සහ 46 වියේ පසුවන වත්තල පදිංචිකරුවෝ වෙති.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>