යතුරු පැදියක ගැටීමෙන් පොලිස් නිලධාරියෙකු මරණයට පත්වේ.

police checkpoint
මීගහවත්ත, උඩුපිල ප්‍රදේශයේ දී යතුරුපැදියක ගැටීමට සලස්වා පොලිස් නිලධාරියෙකු මරණයට පත් කර තිබේ.

උඩුපිල හංදියේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් වේගයෙන් පැමිණි යතුරුපැදියක් නතර කිරීමට සංඥා කර ඇතත් එම යතුරු පැදිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඒ පිළිබඳව උඩුපිල මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයා දැනුවත් කිරීමට එම පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත. එහිදි එම පොලිස් කොස්තාපල්වරයා අදාළ යතුරුපැදිය නතර කරන ලෙස සංඥා කළ ද යතුරුපැදිකරු අණ නොතකා කොස්තාපල්වරයා යට කරගෙන ඉදිරියට ගමන් කර ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
කෙසේ වෙතත් යතුරු පැදිය පැදවූ පුද්ගලයා සහ පසුපස ගමන්ගත් පුද්ගලයා මෙම සිද්ධියෙන් තුවාල ලැබීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ උඩුපිල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කර ඇත.

Comments

comments

Comments

  1. By Koma

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>