යනවද නැද්ද දැම්ම කියන්න බෑ – ඇමති මෛත්‍රී

null

අද දින බත්තරමුල්ලේ ජනකලා කේන්ද්‍රයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු කිහිපයක් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානයකට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන එහිදී විශේෂ ප්‍රකාශ කිහිපයක් කර තිබේ. මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවේ ඇමතිවරයා ආණ්ඩුවෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා වන කතාව සත්‍යක්ද යන්නයි.

ඇමතිවරයා එම අවස්ථාවේදී සිදු කල විශේෂ ප්‍රකාශ ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන පරිදි පහත දැක්වේ.

“සෞඛ්‍ය ඇමතිවරයා විදිහට අවුරුදු පහකට ආසන්න කාලයක් වැඩකරපු මම ඉතාමත්ම සතුටු වෙනවා ඔබත් සමග මේ අවස්ථාවේ එක්වන්නට ලැබීම පිළිබඳව. ඒක නිසා විශේෂයෙන්ම ඔබ සමග එක්වූ මේ කාල සීමාව තුළ ඔබ සමග සතුටට පත් වෙලා විශේෂයෙන්ම ඔබේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම ඔබේත් මගේත් රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් මම හැමවිටම අද දවසේ වගේම ඉදිරියට අනාගතයේදීත් මීටත් වඩා ඔබට සේවය කිරීමට කැපවෙනවා…මම දැනට ආණ්ඩුවෙන් යන්න තවම තීරණය කරලා නැහැ…නමුත් ඒක ඕන මොහතක වෙනස් වෙන්න පුළුවන්…”

‘කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.‘

‘ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ.දුෂණ වංචා කරන්නත් නොවේ.ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි.බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි.ජනතාව යටපත් නොකළ යුතුයි.බලයෙන් මත් නොවිය යුතුයි.ජනතාවගේ (රජයේ )බාරකරු ජනතාව හා ජනතා නියෝජිතයින් යටපත් නොකළ යුතුයි.‘

කෙසේ වෙතත් අමාත්‍යංශයේ පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවය ඇමතිවරයා පැමිණ තිබුනේ පැයක් පමණ ප්‍රමාදවී බවත් එයට හේතුව ඒ අවස්ථාවේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු හදිසි කැඳවුමක් බවත් වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>