යහපාලනයට සහය දෙනවා – ජෙෆ්රි ෆෙල්ට්මන්

null

එක්සත් ජාතීන්ගේ සංවර්ධන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ නව රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට පූර්ණ සහය ලබා දෙන බව යි.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි මෙරට තුළ මෙරට නීතියට අනුව මෙරට විනිසුරුවරුන් විසින් යුද්ධයට අදාළ කරුණු විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇති කැමැත්ත එම සාකච්ඡාවලදී අනාවරණය වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කර ඇත්තේ ඒ සඳහා විශ්වසනීය දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසීමට බව ද ජෙෆ්රි ෆෙල්ට්මන්ට් ප්‍රකාශ කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නැවුම් මුහුණු වරකින් කටයුතු කිරීමට වත්මන් රජය කැපවී සිටින බව ය.

මේ අතර ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා හෙට දිනයේ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිත ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>