යහපාලනයෙන් යන ගමනට අමෙරිකාවේ සහය දෙනවා

null

යහපාලනය තුළින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනට අමෙරිකාවේ පූර්ණ සහය හිමි වන බව දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසයි.

අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් බිස්වාල් මහත්මිය මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා ඇත.

එමෙන්ම සාම්පූර්හි නැවත පදිංචි කිරීම හා එම පවුල්වල සාමාජිකයින්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා ඩොලර් මිලියනයක ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද ඇය අවධාරණය කර තිබේ.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ බිස්වාල් මහත්මියගේ මෙම සංචාරය හරහා අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වු බවයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>