යහපාලනය මේකනම් රටට දෙයියන්ගේම පිහිටයි

null

‘යහ පාලනය යනු මෙම තත්ත්වය නම් මේ රටට දෙයියන්ගේම පිහිට’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ අද මිහින්තලේ රජමහාවිහාරස්ථානයේ පුද පූජා කටයුතුවල නිරතවී ඉන් ඉක්බිතිව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොලිස්පති සහ නීතිපතිවරයා ප‍්‍රකාශ කළ යුතු දේ ඇතැම් දේශපාලනඥයින් ප‍්‍රකාශ කිරීමට පටන්ගෙන ඇති බවත්, ඇතැම් අය අත්අඩංගුවට ගන්නවා, රක්ෂිත බන්ධනාගාරගත කරනවා වැනි ප‍්‍රකාශ ඔවුන් විසින් සිදුකරන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

මේවන විට රටේ සියලුම සංවර්ධන කටයුතු නතරවී ඇති බවත්, රටේ පාලකයා වෙනස් කළ යුතු නම් එය ජනතාව විසින් තම අභිමතය පරිදි ඡන්දයෙන් ඉටුකරනු ඇති බවත්, එහෙත් රටක සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගමන්කළ යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>