යළි ජනපති තරගයකට එන්නේ නෑ

null

තමන් නැවත ජනාධිපතිවරණයකට තරග නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (28) දැදිගම රජමහා විහාරයේ පැවැති ආශීර්වාදාත්මක බෝධි පූජාවට සහභාගි වීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව අමතමිනි ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

“ජනපතිවරයකු ලෙස පත්වූ පුද්ගලයකුට දෙවරකට වඩා තරඟ කළ නොහැකි යැයි වගන්තියක් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කර තිබෙනවා. මං ඊළඟ පාරත් ඉල්ලනු ඇතැයි සිතා තමයි ඒ වගන්තිය ඇතුළු කර තියෙන්නේ. බයවෙන්න එපා ඊළඟ පාර මං ඉල්ලන්නේ නෑ

සියලු සංවර්ධන කටයුතු නැවතිලා. ආර්ථික භෝගවල මිල බැහැලා. මේකද යහපාලනය කියන්නේ. යහපාලනය ගැන ජනතා විමුක්ති පෙරමුණ කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ යහපාලනයේ අය ඉන්නවානේ.

අද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තා, සමෘද්ධිලාභීන්ගේ මුදල් ඔවුන්ට ලබාදුන්නා කියලා. සිල් රෙදි බෙදාදීම වරදක්ද? ඉදිරියේදී රජයේ සේවයකයන් රාජකාරි කරන්නත් බය වේවි. අමාත්‍යවරයාට පුළුවන් එය වංචාවක් කියලා අත්අඩංගුවට ගන්න. මේ අපෙන් පළිගැනීම නවත්තන්න. මට මන්දිරෙත් එකයි, හිරගෙදරත් හුරුයි. මේ පවතින වෛරී, ක්‍රෝධ දේශපාලනය නවත්වලා මෛත්‍රිය පතුරුවන්න.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>