යාපනයේ තත්වය බලන්න ජනපති යාපනයට

null

කයිට්ස් පාසල් සිසුවියගේ ඝාතනයෙන් පසු යාපනයේ ඇති වූ තත්ත්වය සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ යාපනයේ සංචාරයක නිරත වී තිබේ.

යාපනයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින් වන අතර ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද එක්ව සිට ඇත.

එම සංචාරය අතර තුර දී ජනාධිපතිවරයා විද්‍යා සිසුවියගේ ඥාතීන් මුණගැසී ඇති අතර සිසුවියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විශේෂ අධිකරණයක් හමුවට පමුණුවා කඩිනම් නඩු විභාගයක් පැවැත්විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

කෙසේ වුවද එම සංචාරය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දී නැතැයි ද කියැවේ.

null

Pics – අද දෙරණ 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>