යාපනයේ යළි ත්‍රස්තවාදය හිස එසවීමට තැත් කරනවා – සිංහල ජනතාවට තර්ජන
යාපනයේ පාසල් දැරියගේ ඝාතනයට මුවාවී ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් හිස එසවීමට උත්සාහ දරමින් සිටින බව ජාතික හෙළ උරුමය පවසයි.
දිවයින පුවත් වාර්තා කරන පරිදි එම පක්ෂයේ ජාතික සංවිධායක මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කර ඇත්තේ යාපනයේ ජීවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස බලපෑම් කර ඇති බවත්, කිසිවකුට නීතිය අතට ගැනීමට කිසි ලෙස ඉඩදිය යුතු නැති බවත් ය.
එහෙයින් නීතිය අතට ගත් ප්‍රචණ්ඩකාරී පිරිස්වලට එරෙහිව නීතිය වහා ක්‍රියාත්මක කරන මෙන් පොලිසියෙන් හා අනෙකුත් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
හර්තාල් ඇතුළු මෙම විරෝධතාව වෙනත් හස්තයකින් ක්‍රියාත්මක වන බව පැහැදිලි යෑයිද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.
මේ අතර පුන්කුඩුතිව් ශිෂ්‍යාවකට අතවර කර මරා දැමීමේ සිද්ධියට මුවාවී උතුරේ කලබලකාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූයේ දෙමළ ගුරුසංගමය, ව්‍යාපාරිකයන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ ශිෂ්‍ය සංවිධාන විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවකට එක්වන ලෙස ඇරයුම් කර තිබීම නිසා යෑයි උතුරේ ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරන බව එම පුවත්පතේ වැඩි දුරටත් දැක්වේ.