යාපනය නැවත කැළඹෙයි – පොලීසියේ 5ට තුවාල

null

යාපනය, පුන්කුඩුතිව් හි 18 හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කර මරා දැමුවේ යැයි චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 9 දෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් උතුරේ වැසියන් පිරිසක් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට කලබලකාරීව හැසිරීම නිසා උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

යාපනය අධිකරණය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. මෙම වාතාවරණය හමුවේ විරෝධතාකරුවන්ද අධිකරණය දෙසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඊට හානි කළ බව වාර්තා විය.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 127 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීති‍ විරෝධී උද්ඝෝෂණ සංවිධානය කිරීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම හා පොලිස් නිලධාරීන්ට පහරදීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම එම නොසන්සුන්තාවයේදී පොලීසියේ නිලධාරීන් 5 දෙනෙකුද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>