යාපනය මුහුදෙන් යටවීමේ අවධානමක්

null

යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසිදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදු වනු ඇති බවට විද්‍යාඥයන් පිරිසක් අනතුරු හඟවා තිබේ. ඇතැම් විට යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යට විය හැකි බවයි ඉහත කී විද්‍යාඥයන් පිරිස පවසයි.

යාපනය පුරා පවතින හුණුගල් තට්ටු ජලය සමඟ දියවී විශාල ඇලි හෑරීමෙන් පසු ඒවා මුහුදට විවෘතවීම නිසා ජලය සමඟ මුහුදු ජලය මිශ්‍රවීම ඊට හේතුව බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත සඳහන් කරයි.

යාපනය අර්ධද්වීපයේ සිදුවන මෙම හානිය දැනටමත් ආරම්භ වී ඇති බවත් ඇතැම් විට යාපන අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවිය හැකි බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත.

විද්‍යාඥයින් විසින් කරනු ලැබ තිබෙන අනතුරු හැඟවීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ නියැළී සිටින උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්කරනේෂන් පවසන්නේ ජනතාව පරිසරයට මීට වඩා ආදරය කරන්නේ නම් මෙම අර්බුදයෙන් ගැලවිය හැකි බවයි.

මෙම අවධානමෙන් යාපනයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා කල යුතු වන්නේ ජනතාව ප්‍රයෝජනයට ගන්නා ජල ප්‍රමාණයට සරිලන ජලය භාහිරින් ලබාදීම බව මහාචාර්ය සෙනෙවි එපිටවත්ත පෙන්වා දෙයි.

ඒ සඳහා මුහුදු ජලය හෝ කලපු ජලය පිරිසිදු කිරීම මෙන්ම වෙනත් පළාතක සිට ජලය ගෙන්වා බෙදා හැරීම සිදුකල යුතු බව ඔහු සඳහන් කර ඇත.

පවතින තත්වය හමුවේ යාපනයේ මුහුදු ජල මට්ටම සෙන්ටිමීටර් 50 කින් පමණ ඉහළ ගියහොත් යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවීම වලක්වාගත නොහැකි බව ද මහාචාර්යවරයා පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>