යාල්දේවි නැවතත් යාපනයට

null

අලුතින් ඉදි කරන ලද යාපනය දුම්රිය ස්ථානය විවෘත කිරීමත් යාල්දේවි දුම්රිය නැවත යාපනය දක්වා ගමන් කිරීමත් ඊයේ (13) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. යාල්දේවි දුම්රිය මෙලෙස යාපනය දක්වා නැවත ගමන් ආරම්භ කලේ වසර 24කට පසුව වීම විශේෂත්වයකි.

පෙරවරු 9.30ට යෙදුණු සුබ මොහොතින් පලෙයි සිට යාපනය දක්වා වූ දුම්රිය මාර්ගය සහ සඥා පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබූ අතර මෙම ගමනේ මංගල ප‍්‍රවේශ පත‍්‍රය මිලදී ගත්තේ ද ජනාධිපතිවරයායි.

ජනාධිපතිවරයා සිය දුම්රිය ගමන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම දුම්රිය මාර්ගය තවත් එක් ප‍්‍රවාහන මාර්ගයක් නොව උතුරත්, දකුණත් යා කරන සාමයේ පාලමක් බවයි.

කොළඹ, යාපනය අතර සාමාන්‍ය දුම්රිය සේවා සඳහා ප්‍රධාන දුම්රිය 04 ක් ධාවනයට සැලසුම් කර තිබේ. සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කරන ලද දුම්රිය සහ යාල් දේවි දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට තවත් නගරාන්තර දුම්රියක් සහ රාත්‍රී තැපැල් දුම්රියක් ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. එම දුම්රිය යාපනය සිට කොළඹ කොටුව දක්වා ද දිනපතා ධාවනය කෙරෙනු ඇත.

කොළඹ කොටුව සහ යාපනය අතර සාමාන්‍ය දුම්රිය ගාස්තුව රුපියල් 320කි. ආසන වෙන්කරන ලද පළමු පන්තියේ ගාස්තුව රුපියල් 900 ක් වන අතර දෙවන පන්තිය සඳහා ගාස්තුව රුපියල් 800ක් වෙයි. වායු සමීකරණය කරන ලද දුම්රියේ කොළඹ කොටුව සහ යාපනය අතර මගී ගමන් ගාස්තුව රුපියල් 1500 ක් බව දුම්රිය වාණිජ අධිකාරි ඩබ්ලිව්.එස් සිසිර කුමාර මහතා සඳහන් කළේය.

එසේම ඉදිරි දිනවලදී මාතර සිට යාපනය දක්වා සෑම සෙනසුරාදා දිනකදීම දුම්රියක් ධාවනය කිරීමට නියමිත අතර සෑම ඉරිදා දිනකම යාපනය සිට මාතර දක්වා නගරාන්තර දුම්රියක් ධාවනයට සැලසුම් කර තිබේ.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>