යාල වනයේදී වනජීවිය සහ දඩයක්කරුවන් අතර ගැටුමක් – අයෙක් මරුට

null

යාල ජාතික වනෝද්‍යානය තුළදී දඩයක්කරුවන් පිරිසක් සහ වනජීවී නිලධාරීන් පිරිසක් අතර ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කතරගම – වැඩිහිටිකන්ද ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු ය.

පොලීසිය ප්‍රකාශ කළේ අවි ගත් මෙම පුද්ගලයන් වනජීවි නිලධාරීන්ට වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේ පෞද්ගලික ආරක්ෂාව සඳහා වනජීවි නිලධාරීන් ඔවුන්ට වෙඩි තබා ඇති බවයි.

ගිනි අවිය සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>