යුද්දේ ඉවර කරපු නිසානේ මේ කරදර

null

එක්සත් ජාතීන්ගේ කොමිසම ඉදිකිරීමට නියමිත හයිබ්‍රිඩ් උසාවියේද තමන්ට යුද්ධය අවසන් කළේ ඇයිදැයි යන්න පිළිබඳ පිලිතුරු දියයුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමා යුද්ධය අවසන් කළ හෙයින් මේ සියලු කරදර වලට මුහුණ දීමට සිදුව ඇති බවත් යද්ධය අවසන්කළේ ඇයි දැයි තමාට දැන් හැගෙනා බවඳ හෙතෙම සඳහන් කර ඇත.

ඊයේ (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය හමුවූ අවස්ථාවේ ඔහු මෙසේ පවසා තිබේ.

“අවුරුදු තිහක් තිබුණ යුද්ධය කවුරු හිටියත් මම ඇවිත් අවුරුදු තුනෙන් යුද්දය ඉවර කළා. ඔය හමුදා නිළධාරීන් හමුදාපතිවරුන් ඒ කාලෙත් හිටියනේ. එයාලට කරගන්න බැරි උනානේ. එයාලත් අලුතෙන් ආපු අය නොවෙයිනේ. ඒත් අද මම මොකඳ කරන්නේ. මම දුක්වෙනවා මේ යුද්දේ ඉවරකීරීම සම්බන්ධයෙන්, මොකටද මම ඇවිල්ල මේක ඉවරකළේ. ඒක ඉවර කරපු නිසානේ මේ කරදර. තව ඉදිරියට තව කරදර එනවනේ. හයිබ්‍රිඩ් උසාවිය වලට ගිහිනුක් යුද්ධය අවසන් කළේ ඇයි කියලා උත්තර දෙන්න ඔන.”

කසේ වෙතත් ජනපති හා අගමැති ශ්‍රී ලංකාවට අහිතකර දෙයක් කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බවද ඔහු පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>