යුද්ධය දිනා අදට වසර 6 සපිරෙයි
තිස් වසරක් පුරා පවතී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් විජයග්රහණයට අදට වසර 06 ක් සපිරෙයි.
2009 වසරේ මැයි මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් හිදි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ත්‍රස්ත නායකයින් රැසක් හමුදා ප්‍රහාරවලින් මියයාමෙන් පසු යුද්ධයේ අවසන් අදියර නිමාවට පත් විය.
එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන්, යුද හමුදාපති ලුතිතන් ජනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක වැනි යුධ නායකයින් දියත් කළ හමුදා මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස 2007 වසරේදී නැගෙනහිර එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හැකියාව ලැබුණි.
මෙවර රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පැවැත්වෙන්නේ මාතර නගරය කේන්ද්‍ර කර ගෙනයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ. එමෙන්ම පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකයට උපහාර පිදීමේ උත්සවය හෙට පැවැත්වීමට නියමිතයි.