යුද අපරාධ පරීක්ෂණයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන ලකුණු
එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්‍රී ලංකා රජයට සහාය දක්වමින් යෝජනාවක් ඉදිරිපත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට දේශීය පරීක්ෂණයක් සඳහා දිරිගන්වමින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම්වන බව අද (26) ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
දිවයිනට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් විදෙස් මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනා 3ක් ගෙනඒමට ක්‍රියාකළ රටවල් අතර අමෙරිකාව පෙරමුණේ පසුවන අතර පසුගිය වසරේදී ඔවුන් ගෙන ආ යෝජනාවක් වූයේ යුද අපරාධවලට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුයි යන්නයි.
කෙසේ වුවද ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දේශීය පරීක්ෂණයක් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දුවට අනූව අමෙරිකාව එකී පරීක්ෂණයට සහය පළ කිරීමට තීරණය කර ඇති බව නිෂා බිස්වාල් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මෙම වාර්තාව ශ්‍රී ලංකාව – ඇමෙර්කාව හා අනෙකුත් ප්‍රධාන පෙළේ සාමාජිකයන්ගේ එකගතාවයකින් ඉදිරිපත් කරන බවත් ඇය පවා තිබේ.