19 May 2015
යුධ ජයග්‍රහණය සැමරීම බෙදුම්වාදයට සහය දීමක් – ‘අලූත් පරපුර’
යුද්ධයේ ජයග්‍රහණය සැමරීම බෙදුම්වාදයට සහය දීමක් බව ‘අලූත් පරපුර’ සංවිධානය පවසයි. ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ නිර්මාණ කිහිපයක් එක්කරමින් සඳහන් කර ඇත්තේ යුද්ධයේ අවසානයක් මිස ජයග්‍රහණයක් නොමැති බවයි.
“සහෝදරත්වයේ දිනය” යනුවෙන් තේමා කරගෙන කොළඹ විහාර මහා දේවී උද්‍යානය , නෙළුම් පොකුණ රඟහල අසල අද සවස පැවැත් වූ කෙටි වැඩසටහනක දීද ඔවුන් මේ පිළිබඳව සඳහන් කර තිබේ.
යුද්ධයේදී මියගිය අය සිහි කරමින් ඉටි පන්දම් දැල්වීම හා නිහඬතාවක් පැවැත්වීම ද මෙහිදී සිදුකර ඇති අතර වැඩසටහන අවසානයේ සිංහල හෝ දෙමළ යන භාෂා දෙකෙන් පහසු භාෂාවකින් ජාතික ගීය ගායනා කරන ලෙස රැස්ව සිටි පිරිසට ආරාධනා කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.
කෙසේ වෙතත් මොවුන්ගේ මෙම ක්‍රියාවට දෝෂාරෝපණය කරමින් බොහෝදෙනෙකු ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් තබා තිබෙන අයුරු දකින්නට හැකිය.