යුරේනි මිලියන 7 කාර් එක ගත්ත හැටි ගැන කියයි

null

ජනප්‍රිය රංගන ශිල්පිණියක වන යුරේනි නොෂිකා කාලයෙන් කාලයට පුවත් මවන්නියකි. පසුගිය කාලයේ ඇය අලුතින්ම මිලිදී ගත් මිලියන 7ක් වටිනා Honda s660 රථය පිළිබඳව ද අන්තර්ජාලයේ විවිධ පුවත් පළවිය.

ඇය මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතට මෙසේ අදහස් දක්වා තිබේ…

“ඔව්.. මං වාහනයක්‌ ගත්තා. හැබැයි ඒ මං දුක්‌ මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින්.. මං ක්‌ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු අටක්‌. ඒකෙන් අවුරුදු හතක්‌ම මං වාහනයක්‌ නැතුව හිටියා. ඒත් කව්රුත් මට වාහනයක්‌ නැති එක ගැන හොයලා බැලුවේ නෑ.

හැබැයි මං දුක්‌ විඳලා loan දාල වාහනයක්‌ ගත්තම ඒක ප්‍රශ්නයක්‌. මං හෙමින් ගමනක්‌ යන කෙනෙක්‌. මං මුලින් ගන්න හිතන් හිටියේ ගෙයක්‌. ඒත් අන්තිමට ඒ තීරණය ටිකක්‌ වෙනස්‌ වෙලා මං වාහනයක්‌ ගත්තා. අනික මං ඔය කෙටි පාරවල්වලින් හම්බකරපු කෙනෙක්‌නම් field එකට ඇවිත් මාස දෙක තුනක්‌ යනකොට ගෙවල් අරං BMW පදින්න ඕන. මං හරි විදිහට මගේ ගමන යන නිසයි අවුරුදු අටක්‌ ගිහිල්ලත් ක්‌ෂේත්‍රයට මෙච්චර අලුත් කට්‌ටිය ඇවිල්ලත් මට සාර්ථකව ක්‌ෂේත්‍රයේ ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.”

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>