යුරෝපා සංගමයේ තීරණයට එරෙහිව අත්සන් ලබාගනියි
යුරෝපා සංගමය කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කර පනවා තිබූ තහනම ඉවත් කිරීමට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවගේ අත්සන් එකතු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙහි මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා වේ. පළාත් මට්ටමින් මෙම අත්සන් ලබාගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එතුමා සඳහන් කළේය.
එළැඹෙන 23 වනිදා පෙ.ව. 9.45ට වැල්ලවත්ත මිලාජ් හෝටලයේදී මෙම අත්සන් එකතු කිරීමේ වැඩසටහන ආරම්භ කරන බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට සිය අත්සන ලබාදීමට අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
සියලු පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර අදාළ ජනතා අත්සන් ලබාගැනීමෙන් අනතුරුව ඒවා යුරෝපා සංගමයට සහ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.