යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කරයි

null

යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණය තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්ෂපාතී කණ්ඩායම් කිහිපයක් විසින් ගොනු කරන ලද පෙත්සමකට අදාළව යුරෝපා සංගමයේ නීති කවුන්සලය විසින් මෙම තීරණය ගෙන තිබේ. පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දී තිබුණේ සංවිධානයක් ලෙස කටයුතු කිරීමේ ස්වාධීන අයිතිය එල්.ටී.ටී.ඊ සංවිධානයටද හිමිවිය යුතු බවයි

එසේම එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවට එක් කිරීමෙන් වළකින ලෙසද එම අධිකරණය නියෝග කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

මෙලෙස ඉවත්කරනු ලැබුවේ 2006 වසරේදී යුරෝපා සංගම් නායකයෝ 2006 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට එක් කර පනවා තිබූ තහනමයි. එකළ පුවත්පත් හා අන්තර්ජාල වාර්තා සලකා බලා ගත් එම තීරණය පරීක්ෂණයකින් ලබාගත් තීරණයක් නොවන බවත් ඒ නොවන හෙයින් මෙතෙක් කල් එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කරන බවත් යුරෝපා සංගමය අධිකරණය තීන්දු කර ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ ද එම සංවිධානයේ දේපළ සම්බන්ධයෙන් පනවා තිබූ තහනම මින් වෙනස් නොවන බව අදාළ තීන්දුව ලබාදෙමින් යුරෝපා සංගම් අධිකරණය දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ . සංවිධානය සම්බන්ධයෙන් රේගුලාසී කිහිපයක් ඉවත් කිරීමට යුරෝපා සංගමයේ නීති කවුන්සලය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කණස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>