යේමනයේ සිරවී සිටින ලාංකිකයින් මුදවා ගැනීමට චීනයේ සහය

null

වර්තමානය වනවිට එරට උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ යේමනයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීම සඳහා චීනය සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් කළ ඉල්ලීමකට අනුව චීනය මෙලෙස සහය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දැනට යේමනයේ අධ්‍යාපන කටයුතු හදාරන සිසු සිසුවියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 75 – 100 ත් අතර වෙතැයි වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය හා දැනට යේමනය වෙත අක්ත ගන්වා ඇති මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යේමනයේ ජීවත් වන සියළු ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිතව යලි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගතහැකි සියළු ක්‍රියාමාර්ග ගනිමින් සිටීග මස්කට් හි ශ්‍රී ලාංකීක ධුත මණ්ඩලයල යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමග සබඳතා පවත්වාගෙන යන අතර ඔවුන් විසින් යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වර්තමාන තත්වය සෘජුවම අධීක්ෂණය කරමින් සිටී.

පුද්ගලයන් ඉවත් කරගැනීමේ කාර්යයේ දී ශ්‍රී ලංකා රජය විසින් සනා හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා කොළඹ පිහිටි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ සහය ද ලබාගෙන ඇත.

එමෙන්ම යේමනයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් ඉන්දිය ජාතිකයන් සමඟ රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා රජය විසින් කල ඉල්ලීම ඉන්දීය රජය ද පිළිගෙන ඇති අතර ඔවුන් විශේෂ ගුවන් යානා හා නැව් මගින් රැගෙන එනු ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>