යෝජනා වලට එකඟ නම් සහය දෙනවා – හෙළ උරුමය කියයි

null

ජනාධිපතිවරණයේදී සිය ස්ථාවරය දැනුම්දීම සදහා හෙළ උරුමය කොළඹදී ඊයේ පස්වරුවේ රැස්වීමක් කැඳවා තිබුණි. එහිදී තමන් දැනටමත් ඉදිරිපත් කර ඇති යෝජනා තුනකට එකගතාව පළ කරන අපේක්‍ෂකයාට ජනාධිපතිවරණයේ සහාය ලබාදෙන බව ජාතික හෙළ උරුමය පවසා තිබේ.

විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇති අත්තනෝමතික බලතල ඉවත් කිරීම
යහපාලනය සඳහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සහ ජනතාවට වගකියන මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම, එම යෝජනා වේ.

එහි මහලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඊට යපත් ප්‍රතිචාර නොලැබුන බවත් පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඊට සාධනීය ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ය.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ දැනට ප‍්‍රකාශ වන පරිදි රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත්, කිසියම් අවස්ථාවක ජනාධිපතිවරයා ඇතුළු යුද්ධය නිම කිරිමට ප‍්‍රමුඛතාව දී කටයුතු කළ නායකයින්ට යුද අපරාධ චෝදනා එල්ල වන්නේ නම් ඊට එරෙහිව පළමුව නැගී සිටින්නේ ජාතික හෙළ උරුමය බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>