යෝෂිතගේ විදෙස් පුහුණුවට මිලියන 22ක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් නාවික හමුදා පුහුණුවීම් හතරක් සඳහා රුපියල් ලක්ෂ 220ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
වසර 2007 – 2010 කාලසීමාව අතරදී යුක්රේනයේ එක් පුහුණුවක් සඳහා හා බ්‍රිතාන්‍යයේ පුහුණුවීම් පාඨමාලා තුනක් සඳහා මෙම වියදම දරා ඇතැයි ඔහු සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදාවට නවක සොල්දාදුවන් සහ නිලධාරීන් ලෙස බැඳීමට රටේ තරුණයන් තුළ උනන්දුව ඇති කිරීම සඳහා නියමිත සුදුසුකම්වලින් බැහැරව යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදාවට බඳවා ගෙන ඇතැයිද එවක රටේ ජනාධිපතිවරයා යෝෂිත රාජපක්ෂ මහතාගේ පියා වූ බැවින් මෙසේ ඔහු නාවික හමුදාවට බඳවා ගත් බවද ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවා තිබූ ලේඛනයක් ඉදිරිපත් කරමින් ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
තවද යෝෂිත රාජපක්ෂ මහතා සිංහල විෂයය සඳහා පළමුවර සාමාන්‍ය සාමාර්ථයක් ලබා දෙවැනි වර එනම් 2004 දී අධි සාමාර්ථයක් ලබාගෙන ඇතැයි කී ගයන්ත කරුණාතිලක මහතා නියමිත සුදුසුකම්වලින් බැහැරව ඔහු බඳවා ගෙන තිබෙන්නේ පියා රටේ ජනාධිපතිවරයා වීම නිසා බවද කීය.