යෝෂිතගේ සිර කුටිය තහනම් කලාපයක් වෙයි

null

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලු සිව්දෙනා රඳවා සිටින කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිිර කුටිය තහනම් කලාපයක් බවට පත් කර තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලු සිව්දෙනා රඳවා සිටි සිර මැදිරියට යාබද මැදිරියක තිබී ජංගම දුරකතනයක් හමුවීමේ සිද්ධියත් සමග මෙලෙස දැඩි නීති පනවා ඇති බව සඳහන්.

ඔවුන් රඳවා සිටින සිර මැදිරිය අවට ඇති සිර මැදිරි වල සිටින විශේෂ ගණයේ අපරාධ වලට සම්බන්ධ රැඳවියන් ඉවත් කර ඇති බවද සඳහන්.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් රඳවා සිටින ජේ වාට්ටුවේ රාජකාරියේ නියුතු ජේලර්වරුන් දෙදෙනාට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට එම ප‍්‍රදේශයට ඇතුලු වීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවයි.

යෝෂිත රාජපක්ෂ මහතා සහ සෙසු සැකකරුවන් පැය 24 පුරා අදාළ ජේලර්වරුන් දෙදෙනාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පසුවෙයි. යෝෂිත රාජපක්ෂ මහතා අමුත්තන් හමුවට රැගෙන යන සෑම අවස්ථාවකදීම එක් ජේලර්වරයෙකු ඔහු අසලම රැඳී සිටිනු ඇති.

එමෙන්ම අදාළ ජේලර්වරුන් දෙදෙනාගේ අනුමැතියකින් හෝ අවසරයකින් තොරව ජේ වාට්ටුවෙන් පිටතට යාමටද යෝෂිත ඇතුළු සැකකරුවන්ට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>