යෝෂිතට එරෙහිවත් ජවිපෙන් පැමිණිල්ලක්

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝජිත රාජපක්ෂ සම්බන්ධයෙන් අද ආරක්ෂක ලේකම් බී.එම්.යූ.බී. බස්නායක වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගත් ආකාරය නීතී විරෝධී බවත්, වැඩිදුර පුහුණුවක් සඳහා ඔහුට බ්‍රිතාන්‍යයේ ශිෂ්‍යත්වයක් ලබා දුන් ආකාරය හා විශේෂ වරප්‍රසාද ලබා දී දේශපාලන කටයුතුවලට හා රජයේ නිල කටයුතු සඳහා මැදිහත් කර ගැනීම ගැන සොයාබලන ලෙසත් එමගින් ඉල්ලා සිටින බව ජවිපෙ පවසයි.

ඒ අනුව අද පෙරවරු 11.30ට එම පැමිණිල්ල බාරදීමට නියමිත බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>