11 Feb 2016
යෝෂිත කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදා ලුතිතන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා මේවන විට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.
CSN නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මුල්‍ය ප්‍රතිපාදන වලින් එම නාලිකාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහේත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව සඳහායි.
මේ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනුණේ ඉකුත් ජනවාරි මස 30 වනදායි.
ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්. එදින කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු යෝෂිත රාජපක්ෂ මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.