යෝෂිත නැවතත් හමුදාවට කැඳවයි

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් ලූතිතන් යෝෂිත රාජපක්ෂ, නැවත නාවික හමුදා මූලස්ථානයේ සේවයට අනුයුක්ත කර තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, කමාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කර ඇත්තේ මේ මස 9 වැනිදා සිට මෙලෙස යෝෂිත රාජපක්ෂ නාවික හමුදා මූලස්ථානයේ රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවයි.

යෝෂිත රාජපක්ෂ මහතා මේ වන විට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටින අතර ඔහු ඊට අනුයුක්ත කෙරුණේ ඉකුත් මස 12 වෙනිදායි.

කෙසේ වෙතත් නැවත වරක් ඔහුව නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>