යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සඳහා නාවික හමුදා මූලස්ථානයට කැඳවා තිබුණි.

එහිදී සී.එස්.එන්. නාලිකාවේ සිදුවූවේ යැයි කියනු ලබන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන ලදී.

ඉන් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග ඇතුලූ තවත් සිව්දෙනෙකුද අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව පවත්වාගෙන යෑම යන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

සැකකරුවන් කඩුවෙල මහේස්‍ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>