යෝෂිත සමග නාමලුත් රහස් පොලීසියට ඇවිත්

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද ප‍්‍රකාශයක් ලබා ගන්නා ලදී.

ඒ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පසුගියදා කුඩා ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි. අද පෙරවරු 9.00 පමණ සිට පැය 3 ට වැඩි කාලයක් යෝෂිත රාජපක්ෂගෙන් මෙලෙස ප්‍රශ්න කර තිබේ.

මෙම ගුවන් යානය ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ට අයත් එකක් බවත්, එමෙන්ම මෙම ගුවන් යානය චිත‍්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත‍්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවටත් පසුව අනාවරණ විය.

යෝෂිත රාජපක්ෂ මහතා රහස් පොලිසියට පැමිණ තිබුනේ තම වැඩිමල් සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සමගිනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>