යෝෂිත හිටපු ජනපතිගේ ආරක්ෂක අංශයට මාරුවක් ඉල්ලයි

null

හිටපු ජනාධිපති ගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ල නාවික හමුදාපති සමග එක්ව පරීක්ෂණයක් පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීයැයි බීබීසී සංදේශය වාර්තා කරයි.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් ඔහු නාවික හමුදාවෙන් ඉවත් කැර ගත් ආකාරය ද , පරීක්ෂණයකට ඉදිරිපත් නොවී රට යෑමට අවසර දීම ගැන ද ජවිපෙ නොසතුට පළ කර තිබේ.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ භටයෙක් ලෙස තමාව පත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවද, මෙතෙක් ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහා කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>