යෝෂිත හිරබත් එපා කියයි

null

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනා බන්ධනාගාරයෙන් ආහාර නොගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ ඇතුළු 5 දෙනාට නිවෙස්වලින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර ලබාදී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එන්.සී. ධනසිංහ මහතා සඳහන් කර ඇත්තේ මුල් දිනයේදී මොවුන් බන්ධනාගාර ආහාර ලබා ගැනීමට කැමැත්ත පළ කළ බවත්, පසුව එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හා පිටින් ආහාර ගෙන්වා ගැනීමට ඉල්ලීම් කිරීමෙන් පසු ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇති බවත් ය.

සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා මත යෝෂිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පස් දෙනා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබු අතර පසුව මොවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>