රක්‌නා ලංකා විනාශ කිරීම අපරාධයක්‌ – ගෝඨාභය

null

මේ කලාපයේ නැව්වලට ආරක්‌ෂාව සපයන ප්‍රධානතම ආරක්‌ෂක සමාගම බවට පත්වූ ‘රක්‌නා ලංකා’ ආයතනය විනාශ කිරීම දරුණු අපරාධයක්‌ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘ඉරිදා දිවයින’ පුවත්පත සමග පැවති සාකච්ජාවකදී ඔහු එම කාරනා සඳහන් කර තිබේ.

ඒ පිළිබඳව වැඩි දුරටත් ඔහු මෙසේ පවසා ඇත.

”රක්‌නා ලංකා වැඩිපුරම කළේ ඉන්දියන් සාගරයේ ගමන් කරන නැව්වලට ආරක්‌ෂාව දීමයි. මෙය ඉතාම විශාල ලාභ ගෙන දුන් ව්‍යාපාරයක්‌. රක්‌නා ලංකා ආයතනය සහ ඇවන්ට්‌ගාඩ් නමැති දේශීය පෞද්ගලික ආරක්‌ෂක සමාගම අතර ව්‍යාපාරික ගිවිසුමක්‌ තිබෙනවා. ඒ ගිවිසුමට අනුව ජාත්‍යන්තර මට්‌ටමේ ව්‍යාපාර කටයුතු රක්‌නා ලංකා ආයතනයට ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට ඇවන්ට්‌ගාඩ් ආයතනයට අවසර ලැබෙනවා. මුහුදු මාර්ග සහ නැව්වලට ආරක්‌ෂාව සැපයීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවා අනුමත කළ ව්‍යාපාරයක්‌. මේ සඳහා පිළිගත් නීති රීති අනුගමනය කළ යුතුයි. මේ නීති අනුගමනය කරමින් රක්‌නා ලංකා ආයතනය ආරක්‌ෂක කටයුතු සඳහා පුද්ගලයන් සහ ආයුධ සැපයීම කළා.”

එමෙන්ම ඔහුගේ නිවසේ මිනී මෝරුන් සිටින බවට පැතිරෙන කතාවන් සම්බන්ධයෙන් එම සාකච්ජාව පැවැත්වූ සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා ප්‍රශ්න කර තිබේ.

එයට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ “මට හිතෙන්නේ මේ ගෙය සුරතල් මසුන් රට පටවන කෙනකුගේ දේපලක්‌. ගල්කිස්‌සේ හෝ ලංකාවේ කිසිම තැනක මට අයිති ගෙයක්‌ නැහැ. නිල නිවස අත්හැරියට පස්‌සේ මා දැනට ඉන්නේ මගේ නැන්දම්මලාගේ ගෙදරයි. ඒ ගෙදරට අල්ලපු ඉඩම මා සමඟ විවාහ වෙද්දී මගේ බිරිඳට දෑවද්ද හැටියට ලැබුණා. එතකොට මා වැඩ කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අපි ඒ ඉඩමේ ගෙයක්‌ හැදුවා.” යනුවෙනි

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>