රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය ඝාතනයක් – රහස් පොලීසිය උසාවියට දන්වයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (28) යළි කැදවීමට නියමිතයි.
ඊයේ (27) දිනයේදී නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් බවයි.
ඒ අනූව එම මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ. එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී වසීම් තාජූඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් යැයි අනාවරණය වී ඇති බව රහස් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ උල් ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහර දී තුවාල සිදුකර ඇති බවත්, එමෙන්ම මොට ආයුධයකින් ද ඔහුට පහර දී ඇති බවත් ය.
වසීම් තාජුඞීන්ගේ සිරුරේ තුවාල සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අධිකරණයට කැදවන ලෙස ද රහස් පොලීසිය ඉල්ලීමක් කර ඇති අතර අද දිනයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතයි.