රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය හෙට 8ට අවසන්

null

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ වරප්‍රසාද කප්පාදු කර ඇති බව පවසා රජයේ වෛද්‍යවරුන් ඇතුළු දීපව්‍යාප්ත සේවාවන් 19 ක වෘත්තිකයන් ආරම්භ කර තිබූ සංකේත වැඩවර්ජනය හෙට (04) උදෑසන 08 ට අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද දවසේ සිදුකළ වර්ජනයට මෙතෙක් ප්‍රතිචාර ලබාදී නොමැති බවත්, මේ නිසා අද සවස රැස්වන සංගමයේ විශේෂ රැස්වීමේදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවත් එම සංගමයේ සම මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සිල්වා මහතා සඳහන් කළේය.

තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට රජයට සතියක කාලයක් ලබාදෙමින් මෙම සංකේත වැඩවර්ජනය අවසන් කළ බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කර ඇත.

හෙට උදෑසන 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බව ඔහු පවසයි.

මෙම වර්ජනය නිසා දිවයිනේ බොහෝ රෝහල් වල නේවාසික රෝගීන් අපහසුතාවට පත්වූ අතර ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගින්ද අපහසුතාවයට පත්විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>