28 Nov 2015
රජයේ වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි
ඉදිරි දින කිහිපය තුළ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සූදානම් වන බව වාර්තා වෙයි. එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේ ඊයේ පැවැති හදිසි මධ්‍යම කාරක සභා රැස්විමකින් අනතුරුව එම තිරණය ගත් බවයි.
ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරින්ගේ සහන වාහන බලපත්‍රය අහිමි කිරීම සහ රජයේ සේවකයන්ට මූලික වැටුප් සංශෝධනයක් ලබා නොදීම යන කරුණු මුල් කර ගනිමින් මෙලෙස වර්ජනයේ නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.
අදාළ කරුණු සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලද හොත් දිපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට අපේක්ෂා කරන බව එම සංගමය වැඩි දුරටත් පවසයි.