රජය අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැහැ

null

අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු අවස්ථාවක රජය ඇඟිලි නොගැසූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මානව හිමිකම් සුරැකීමේ නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් අරලියගහ මන්දිරයේදී ඊයේ (17) හමු වූ අවස්ථාවේ එතුමා මේ බව ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ නීතියේ ආධිපත්‍ය රැකගැනීමට තමන් ඇතුළු ආණ්ඩුව සෑම විටම කැප වී කි‍්‍රයාකරන බවයි. සැමට එක ලෙස නීතිය ක‍්‍රියාත්මක කරමින් රටේ නීතියත් සාමයත් ආරක්ෂා කිරීමට රජය කැපවී කටයුතු කරන බවද එතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

රජය අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගසන බට ඇතමුන් අසත්‍ය ප‍්‍රචාර සිදුකරන බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>