02 Jul 2015
රජෙක් වුණත් වැරදි කෙරුවොත් ගෙදර යන්න ඕන
තමන් ගැන සිතන පුද්ගලයින්ට රටක් ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි. ඊයේ මිනුවන්ගොඩ නගර සභාවේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි ඇය වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…
“පසුගිය ජනවාරි මාසයේ යුග පෙරළියක් අපි ඇති කෙරුවා. මම පැහැදිළිව කියනවා ඒ වැඩිදෙනෙක් අද මේ අගමැතිකම් අරව මේවා ඉල්ලනවා. ඒ අය හිරේ ඉන්න ඕන වෙලාව මේ. එහෙම නැතිව අනේ පව් කියලා ඒ අයට නැවත නායකත්ව මට්ටමට එන්න දුන්නොත් ජනතාවගේ සියලූ අභිලාෂයන් උසස්ලා පොලොවේ ගැහුවා වගේ දෙයක් වෙනවා. මොන ලොක්කා වුණත් රජ කෙනෙක් වුණත් වැරදි කෙරුවොත් ගෙදර යන්න ඕන. ගෙදර ගිහිල්ලා කට වහගෙන ඉන්නත් ඕන. හැමදාම මේක කාගෙන එල්ලිලා අර කූඩැල්ලෝ ගොඩක් වගේ ලේ බිබී ඉන්න නෙමේ දේශපාලන නායකයෙක් ඉන්නේ. රට ගැන හිතලා වැඩ කරන්න.”