21 Jun 2015
රටක් කරන්න නායකයෝ දෙන්නෙක්ට බැහැ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීමට ඉන් පිට අයට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ නායකයින් දෙදෙනෙකුට එක් රටක් පාලනය කිරීමට නොහැකි බවයි.
නුවරඑළිය මහනගර සභා ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අද අමතමින් ජනපතිවරයා මෙම අදහස් පළකර තිබේ.
“මට කිසිකෙනෙක් කපන්න උවමනාවක් නැහැ. මං කෙරෙහි විශ්වාසය තියලා පක්ෂය මට භාර දුන්න නම්, මාත් එක්ක සියලු දෙනා එකට එකතු වෙලා සමගියෙන් සහෝදරත්වයෙන් වැඩ කරලා මැතිවරණ ව්‍යාපාරය කරලා ආන්ඩුවක් හදන්නයි තමුන්නාසේලත් එක්ක මටත් අවශ්‍ය රටක් කරන්න නායකයෝ දෙන්නෙකුට බෑ. එක නායකයෙක් එක්ක වැඩ කරන්න ඕන.”
පටු දේශපාලන වාසි උදෙසා පක්ෂය කඩා බිඳ දැමීමට උත්සාහ දරන අයගෙන් පක්ෂය රැක ගැනීමට සියලූදෙනා එක්ව ක්‍රියාකල යුතු බවද හෙතෙම සඳහන් කර තිබේ.