රටට අවශ්‍ය මෛත්‍රී පාලනයක්ද?

null

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා වන්නට යන බවට බොහෝ කටකතා පසුගිය දින වල පතිරුනේය. නමුත් මෙහි සත්‍ය අසත්‍ය බාවය පිලිබඳ කිසිදු ප්‍රකාශයක් මෙතෙක් අනාවරණය වී නොමැත.

ලංකාදීප පුවත්පත මගින් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති මුත් ඔහු නිසි පිළිතුරක් ලබානොදී මගහැර ගොස් තිබුණි.

එමෙන්ම ඊයේ (20) එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුනේ “මෛත්‍රී පාලනයක් ‍ෙගනියන්න ඕන වෙලා තියෙනවා” යනුවෙනි.

ජනාධිපතිවරණයකට තරග කරන්නේ කවුරුන්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වලදී යෝජනා කරන්නේ පක්ෂ මහලේකම්වරයා විසිනි. මීට ඉහත අවස්ථාවලද එසේ සිදුවිය. එහෙත් මෙවර ජනාධිපතිවරණයට තරග කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න යෝජනා කර තිබුණේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි. එය ස්ථිර කර තිබුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා විසිනි.

කෙසේ වෙතත් ඊයේ (20) පවතී මාධ්‍ය හමුවකදී කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කෙරුණා අතර ඔහු පවසා සිටියේ අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත්ව නොයන බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>