29 Mar 2015
රටේ අපරාධ වැඩිවී ඇතැයි හිටපු ජනපති කියයි
රට පුරා සිදුවන අපරාධවල මින් පෙර නොවූ ලෙස ඉහළයාමක් සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අභාවප්‍රාප්ත රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින්.
මනෝජ් මෙන්ඩිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩිනමින් නීතිය හමුවට පමුණුවන්නැයි තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේ යැයි ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සනදහන් කර තිබේ.