රටේ පිබිදීමක් ඇති වෙලා – මෛත්‍රී

null

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හමු වුවේය. ඒ ඉදිරි කටයුතු පිලිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටය.

මෛත්‍රීපාල මහතා එහිදී ප්‍රකශ කර ඇත්තේ තමා ආණ්ඩුවෙන් එළියට අවුත් පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු පැය හතලිස් අටකදී රට තුළ විශාල පිබිදීමක් ඇති වී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ ලොකු අර්බුදයකට මුහුණ දී සිටින බවත් ය.

මේ නිසා ඉදිරියේදී විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවුවත් වෛරී දේශපාලනයෙන් ඈත්වී ඉවසීමෙන් කල්පනාකාරීව කලහකාරී නොවී කටයුතු කරන බවද එලෙසින්ම ක්‍රියා කරන ලෙස ජනතාවගෙනුත් ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට මාදුළුවාවේ සෝභිත හිමියන් සමග කරු ජයසූරිය, රාජිත සේනාරත්න, රවී කරුණානායක යන මහත්වරුද එක්ව සිටියහ. විහාරස්ථානයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාට පූජ්‍ය මාදුළුවාවේ ‍සෝභිත හිමියන් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කල බවද වාර්තා වේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>