රටේ මුදල් පරිහරණය වැඩිවෙලා

null

තමා අග්‍රාමාත්‍ය ධුරයට පත් සෑම අවස්ථාවකම ජනතාවට සිංහල, දෙමළ අලූත් අවුරුද්ද සතුටින් සැමරීමට හැකි ආර්ථික වටපිටාවක් නිර්මාණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ ඇල්පිටිය බස් නැවතුම්පොළ ආශ්‍රීත ප්‍රදේශය වයි-ෆයි කලාපයක් බවට පත් කිරීම සහ ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ ලබාදීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

වසර ගණනාවකට පසු ජනතාවට පීඩාවකින් තොරව අවුරුදු සැමරීමට අවස්ථාව උදා වී ඇති බවත්, වත්මන් රජයේ පාලන කාලය තුළ ජනතාවගේ ජීවන බර අවම කිරීමට හැකි වීම ඊට හේතුව බවත් ඔහු පෙන්වාදෙයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

මධ්‍යම පන්තිය වෙන්න පුළුවන්, වැඩ කරන පන්තිය වෙන්න පුළුවන් අමාරුවෙන් ජිවත් වෙන්නේ. ණය වෙලා ජිවත් වුණේ. එකේ ප්‍රතිඵලයක් විදිහට පාරිභෝගිකයන් ලෙස කළ ඉල්ලීම අවුරුද්දෙන් අවුරුද්ද අඩු වුණා. ඇයි අතේ සල්ලි නැහැ. ණය වෙලා අවුරුදු කෑවේ. ගිය ආණ්ඩුව මුදල් ණයට ගත්තට මුදල් දැම්මේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඒ අයට පමණයි කොමිස් ලැබුණේ. ප්‍රථම වතාවට අවුරුදු 6කින් පමණ ලංකාවේ ජිවන වියදම අඩු වෙලා තිබෙනවා මාර්තු මාසයේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>