රටේ සංහිඳියාව ඇතිකිරීමට ඩයස්පෝරාවේ උදව් ගන්න රජය සැරසේ

null

රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ඩයස්පෝරාවේ අදහස්, උදව් උපකාර ලබාගැනීමට රජය තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහිෂානි කොලොන්නගේ මෙනවිය පවසයි.

ඊයේ (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇය මේ බව සඳහන් කර ඇත.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ පවා සඳහන් කර තිබෙන්නේ රට තුළ සංවර්ධනය සිදුකිරීමට හා සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින ඩයස්පෝරාවේ නියෝජිතයන්ගේ හා රටින් පිට සිටින ඩයස්පෝරාවේ නියෝජිතයන්ගේ අදහස් උදව් උපකාර ලබාගැනීමට බවද ඇය පවසා සිටි බව අද පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම ලොවපුරා ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාව ඒකරාශි කැරෙන සමුළුවක් මේ වසර අගදී කොළඹදී පැවැත්වීමට විදේශ අමාත්‍යාංශය සැරසෙයි. ඔවුන්ගේ විශේෂඥ දැනුම ලංකාවේ ප්‍රතිසන්ධාන හා සංහිඳියා වැඩට දායක කර ගැනීම මේ වැඩපිළිවෙළෙහි අරමුණ වේ.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සැලසුමක් අනුව මෙය සංවිධානය කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>