රට තුල නැවත ත්‍රස්තවාදයට ඉඩ නෑ

null

නව ජාතික ආරක්ෂාව පිළිබඳව මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බැවින් රට තුළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද මාතර නගරයේ සංවිධානය කළ රණවිරු සැමරුම් පෙළපාලියේ සමාරම්භක උත්සවය අමතමින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

දෙරන් නිව්ස් වාර්තා කරන පරිදි එසේම පශ්චාත් යුද සමයෙන් පසු අප විසින් කළ යුතුව තිබු කාර්යයන් ඉටු වුවේද යන්න ප්‍රශ්නාර්තයක් බවත්, එය සිදු නොවු බවට තමා විසින් වටහාගෙන ඇති බවත් ඒ මහතා පවසා ඇත.

කෙසේ වෙතත් නව ර‍ජයේ ප්‍රතිපත්තිය වන්නේ සංවර්ධනය සහ සංහිදියාව බවත්, රට තුළ ඇති අභියෝග ජය ගැනීමට සංවර්ධනය සහ සංහිඳියාව යන සටන් පාඨය පෙරදැරි කර ගත යුතු බවත් හෙතෙම සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>