රට පුරා ජල සැපයුම් අවදානමක

null

දිවයින පුරා ජල සම්පාදන මණ්ඩලයේ සියලූ සේවකයන් මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ, වර්ෂ අවසානයේ ඔවුන්ට හිමි විය යුතු ප්‍රසාද දීමනාව අඩු කර ගෙවීමට විරෝධය පළ කරමින්.

අද පෙරවරු 8 සිට තමන් සියලූම නඩත්තු සේවා වලින් ඉවත් වූ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

කෙසේ වෙතත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රංජිත් බාලසූරිය මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් සේවා බිඳවැටීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බවයි.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය සඳහා එක්වන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ලයේ සියලූ සේවකයින් නොව ඔවුන්ගෙන් පිරිසක් පමණක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>