රට පුරා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල වර්ජනයක
අද(20) දිනයේ රජයේ රෝහල් වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි. එම සංගමයේ සභාපති පී.ජයලාල් මහතා පැවසා ඇත්තේ අද උදෑසන සිට මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.
සෞඛ්‍ය සේවාවේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු ශ්‍රේණි 60කට වැඩි සංඛ්‍යාවකට අයත් වෘත්තීය සමිති මේ වන විට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙ. දිවයින පුරා සියලූ රෝහල්වල මෙම වැඩ වර්ජනය කි‍්‍රයාත්මක බව සමස්ත ලංකා සුව සේවා සංගමය ප්‍රකාශ කර ඇත.
ආදේශක සේවකයින්ගේ හිඟ වැටුප් ලබා ගැනීම, ආදේශක සේවකයින්ගේ සේවය ස්ථීර කර ගැනීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල්කරගනිමින් අදාළ වර්ජනය ක්‍රියාත්මක තිබේ.
මේ අතර, වර්ජනයේ නිරත වන වෘත්තීය සමිති අද (20) පෙරවරු 11ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පා ගමනක් ද සංවිධාන කර තිබෙනවා. මෙම පා ගමන සඳහා සමස්ත ලංකා සුව සේවා සංගමයට අමතරව තවත් වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් එක්වීමට නියමිත බව වාර්තා වේ.
එම සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ආණ්ඩුව සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතැම් නිලධාරීන් බවය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ආණ්ඩුවෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කියා ඇත.