රට වෙනුවෙන් නිළියක් තමන් දුෂණය කල ක්‍රිකට් ක්‍රීඩකයාට සමාවදෙයි

null

බංගලාදේශ කණ්ඩායමේ කැපිපෙනෙන ක්‍රීඩකයෙකු වන රුබෙල් හුසේන්ගේ දක්ෂතා හේතුවෙන් ඔහු විසින් සිදුකරන ලද ස්ත්‍රී දූෂණයකට සමාව ලැබී ඇතැයි වාර්තා වේ.

ඔහු මෙයට මාස දෙකකට පමණ පෙර කලක් ඔහුගේ පෙම්වතියව සිටි 19 හැවිරිදි නස්නින් අක්තර් හැපි නමැති නිළිය දූෂණය කිරීමේ වරදට සිරගත කොට තිබේ. අදාළ නිළිය එරට අධිකරණයක ගොනු කළ නඩුවකින් චෝදනා කර තිබුණේ, තමන් සමග විවාහ වන බවට පොරොන්දු වෙමින් රුබෙල් හොසේන් තමන් ව දූෂණය කළ බවයි.

ඉන් පසු ඔහු තමන් සමග පැවති ප්‍රේම සම්බන්ධතාව අත්හැර දැමූ බවට ඇය චෝදනා කර තිබිණ.

මෙම වරදට සිරගතව සිටි රුබෙල් හුසේන් ලෝක කුසලාන තරඟාවලියට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයෙකු නිසා බංගලිදේශ අධිකරණය විසින් 2015 ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට පමණක් ඇප ලබා දී තිබේ.

පසුගියදා එංගලන්තයට එරෙහිව පැවති තරඟයේදී රුබෙල් හුසේන් කඩුළු 4ක් ලබාගැනීමට සමත් වූ අතර එම තරඟය ජය ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගත්තේය.

මේ හේතුවෙන් නස්මින් හැපි නමැති අදාළ නිළිය අද අධිකරණයට දන්වා ඇත්තේ, එංගලන්තයට එරෙහිව බංග්ලාදේශය ලත් ජයග්‍රහණයට සිය පැරණි පෙම්වතා දැක්වූ සුවිශේෂී දායකත්වය සැලකිල්ලට ගෙන ඊට ගරු කිරීමක් සඳහා ඔහුට සමාව දීමට තීරණය කළ බව ය.

ලෝක කුසලානය වෙනුවෙන් හුසේන්ගේ මානසිකත්වය නගා සිටිවීම උදෙසා මෙම තීරණය ගත් බව එම නිළිය විසින් මාධ්‍ය වෙත පවසා තිබුණි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>