රණවිරුවන්ට සැමදා ජාතියේ උත්තමාචාරය හිමියි

null

ජාතියේ නිදහස උදාකර දුන් විරෝධාර රණවිරුවන්ට එදා මෙන්ම අදත් හෙටත් ජාතියේ උත්තමාචාරය හිමිවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දියතලාව විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරීන් විසිරයාමේ උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වෙමින් මෙම අදහස් පළ කර ඇත.

සටන් බිමේදී ඔවුන් සිදු කළ කැපවීම කිසිදා අවතක්සේරු කළ නොහැකි බවත්, ඔවුන්ට හිමිවිය යුතු ගෞරවය සහ වරප‍්‍රසාද නොඅඩුව ලබාදීමට සේනාධිනායකයා මෙන්ම රාජ්‍ය නායකයා ලෙස තමා කටයුතු කරන බවත් ජනපතිවරයා පවසා තිබේ.

ශී‍්‍ර ලංකා යුද හමුදාව විනය ගරුක හා කීර්තිමත් හමුදාවක් බව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්ව ඇති බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>