රණවිරු සැමරුමට දෙදෙනෙක් කළු ගලක් හා ජීව උණ්ඩ ගෙනත්

null

පසුගිය 19 වැනිදා මාතර පැවති විජයග්‍රහනයේ 6 වන රණවිරු සැමරුම් උත්සවයට උත්සවයට කළු ගලක් රැගෙන ඒමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කර ඇත්තේ සැමරුම් උළෙලේදී ආබාධිත සෙබලූන් රැගෙන ආ එක් සෙබලෙකු සිය ගමන් මල්ල තුළ කළුගල් කැබැල්ල රැගෙන විත් ඇති බවයි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී එම කළුගල තවත් නාවික හමුදා සෙබලෙකු විසින් එම බෑගයට දමා ඇති බව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළුන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මේ අතර අදාළ උත්සව අවස්ථාවට ජීව උණ්ඩයක් රැගෙන ආ බව කියන යුද හමුදා සෙබලෙකු ද අත්අඩංගුවට ගෙන ලබ 25 වන දින දක්වා රකිෂිත බන්ධනාගාර ගතකර ඇති බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

අදාළ හමුදා සෙබලා සිවිල් ඇඳුමින් සැරසී එම ස්ථානයට පැමිණ සිට ඇති අතර ඔහු සතුව තිබී මිලි මීටර් 7.6 වර්ගයේ සරඹ සඳහා යොදාගන්නා ජීව උණ්ඩයක් සොයාගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>