රතන හිමි වැඩවසන ඉඩම යළි ආණ්ඩුවට පවරාගැනීමේ සුදානමක්

null

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවාසය කරන රාජගිරිය – ඔබේසේකරපුර – සදහම්සෙවණ – ධර්මායතනයේ පිහිටි භූමිය යළි පවරා ගැනීමට ආණ්ඩුවේ සුදානමක් ඇතැයි වාර්තා වේ.

රාජගිරිය – ගෝතමී පාරේ මෙම ධර්මායතනය පිහිටි අක්කර තුනහමාරක් පමණ වන මෙම ඉඩම මීට පෙර කෝට්ටේ මහනගර සභාව විසින් අපද්‍රව්‍ය බැහැර කළ ඉඩමක්. පසුව, එය රජයේ අනුග‍්‍රහය යටතේ ගොඩකර මෙම ධර්මායතනය ස්ථාපිත කළ බව රතන හිමි පවසයි.

ජනාධිපතිවරයා විසින් 2011 මාර්තු මස 22 වන දින එය සඟ සතු කොට පූජා කර තිබේ.

ආශ්‍රමය තුළ මේවන විට හිමිවරුන් 10 දෙනෙකු පමණ වැඩවාසය කරන බවත්, ආරක්ෂාව පිළිබඳ ගැටළු පැනනැඟී ඇති බව “සඳහම් සෙවණ“-ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනයේ “වත්තහේනේ විජිත හිමි පවසයි.

ඒ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා සිටියේ ආණ්ඩුව සමඟ සිටින විට රතන හිමියන්ට එක් ආකාරයකින් සලකන බවත්, ආණ්ඩුවෙන් ඉවත් වූ පසු තවත් ආකාරයකට සලකන බවත්ය.

එමෙන්ම සදහම් සෙවන ධර්මායතනය අල්ලා ගැනීමට දරන උත්සාහය හෙළා දකින බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>